බෙලිහුල්ඔය ධම්මායතනය
මුල්පිටුව
දින දසුන
සද්ධම්ම දේසනා
භාවනා
පොත්ගුල
බෙලිහුල්ඔය ධම්මායතනය
පිටකගොනු
බෙලිහුල්ඔය ධම්මායතනය
මුල්පිටුව
දින දසුන
සද්ධම්ම දේසනා
භාවනා
පොත්ගුල
බෙලිහුල්ඔය ධම්මායතනය
පිටකගොනු
More
  • මුල්පිටුව
  • දින දසුන
  • සද්ධම්ම දේසනා
  • භාවනා
  • පොත්ගුල
  • බෙලිහුල්ඔය ධම්මායතනය
  • පිටකගොනු
  • මුල්පිටුව
  • දින දසුන
  • සද්ධම්ම දේසනා
  • භාවනා
  • පොත්ගුල
  • බෙලිහුල්ඔය ධම්මායතනය
  • පිටකගොනු

භාවනාව

"භාවනා" යන උතුම් මාගධී පදයෙන් එදා ගෝතම බුදු පියාණන් වහන්සේ විසින් ලෝකයාට මතුකොට පෙන්වාදුන් ක්‍රියාකාරකමත්, අද සම්මත බුද්ධාගමද ඇතුළුව පෙරදිග හා බටහිර විවිධ ආගම් වල භාවනා  කිරීම යනුවෙන් උගන්වනු ලබන ක්‍රියාකාරකමත් න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකවද එකිනෙක වෙනස්මය. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වට පත්වුණු සමකාලීන සමාජයේ බොහෝ ආගම් වල භාවනා ක්‍රම හැටියට භාවිතයට ගනුලැබුවේ කසිණ භාවනා හෝ අසඤ්ඤ තත්වයකට පත්වන්නට උපකාර භාවනා ක්‍රමයන්ය. එවන් භාවනා ක්‍රම වළින් දැහැන් සුවයක් අත්විඳගත හැකිවූවා සේම  ලෞකිකත්වය තුළ පුද්ගලයෙකුට සාක්ශාත් කරගත හැකි, උපරිම සැපයක් බ්‍රහ්ම සැපයක් උදාකරගන්නට ඒ ඒ යෝගාවචරයෝ කටයුතු කළහ. අද සම්මත බුද්ධාගම තුළ පවත්වාගෙන යනු ලබන සියලුම සම්මත භාවනා මධ්‍යස්ථාන වලද උගන්වන්නේ භාවිතයට ගන්නේ, පෙරකී බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නට පෙර පටන්මත්, සමකාලීන සමාජයේත් අඤ්ඤතිත්ථිය පරිබ්බාජකයින්, තීර්ථකයන්, නිඝන්ඨයන්, බ්‍රාහ්මණයන් ආදී අය අතරේ භාවිතයේ පැවති, අනරිය භාවනා ක්‍රමයන්මය.  අනරිය භාවනා ක්‍රම භාවිතයට ගැනීමෙන් කෙලෙස් තාවකාලිකව යටපත් කොට දැහැන් සුවයක්, බ්‍රහ්ම සැපයක් උදාකරගතහැකි වුවද එම දැහැන් සුවය හෝ බ්‍රහ්ම සැපය විජ්ජාවිමුත්තිය නොවන්නේමය. 


එදා ගෝතම බුදු පියාණන් වහන්සේ විසින් "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" හැටියට ලෝකයාට අලුතෙන්ම සොයාදැන දේසනා කොට වදාළේ  පෙරකී කසිණ භාවනා හෝ අනරිය භාවනා නොව "දස අනුස්සති භාවනා"  නම්වූ පෙර භාවිතයේ නොපැවති අලුත්ම භාවනා ක්‍රමයකි.  "මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති,බුද්ධානුස්සති,ධම්මානුස්සති,සංඝානුස්සති,චාගානුස්සති,සීලානුස්සති,ද්වතානුස්සති,ආනාපානසති" යන දස අනුස්සති භාවිතයට ගැනීමෙන් යෝගාවචරයෙකු තුළ,  "අනුපස්සී විහරති" හෙවත් තමන් තුළ යම් කිසි වර්තමාන මොහොතක් තුළ උපදින අනුසය ප්‍රහාණය කොට වෙන්කොට අත්හරිමින් වාසය කිරීම තුළින්  තම ඇතුළාන්තය නික්ලේසී තත්වයකට පත්කරගැනීමට හැකිවෙයි.   


මේ දස අනුස්සති භාවනා ක්‍රම අතරින් ප්‍රධාන අනුස්සති හතරක් "චතුරාරක්ඛා" හෙවත් සතර ආරක්ෂක කමටහන් හැටියට භාවිතයට ගත හැකිය. “චතුරා“ යනු මාගධී භාසාවෙහි හතරක් හැඳින්වීමට භාවිතාකරනු ලබන පදයකි. "ආරක්ඛා" යනු තමන්ගේ ඇතුළාන්තය ආගන්තුක උපකෙලෙස් වළින් කිළිටිවෙන්නට නොදී ආරක්ෂා කොටගෙන ඇතුළාන්තට නික්ලේසී තත්වයකට පත්කරගැනීමයි. මේ චතුරාරක්ඛා යනුවෙන් හඳන්වනු ලබන මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති යන ආරක්ෂක ආයුධ හතර භාවිතයට ගනිමින් එතැන එතැනදීම උපත ලබන අනුසය එතැන එතැනදීම ප්‍රහාණය කොට වෙන්කොට අත්හැරීමෙන්ම කෙනෙකුට ඇතුළාන්තය පිරිසිදු කරගතහැකිය.  


චතුරා රක්ඛා හෙවත් සතර අනුස්සති භාවිතයට ගැනීම ඉතාමත් ප්‍රායෝගික ක්‍රියාකාරකමකි. මේ සඳහා විසේස ඉරියව්වක් අවශ්‍ය නැත එමෙන්ම  විසෙස තැනක්, බිමක් කාගේ හෝ බාහිර පුද්ගලයෙකුගේ අවසරයක් අවශ්‍ය වන්නේද නැත. එදි නෙදා මනුස්සයෙකු හැටියට කරන කියන සාමාන්‍ය ක්‍රියාකාරකම් කිසිවකට අත්හැරිය යුත්තේද නැත. ඕනෑම තැනකදී, ඕනෑම බිමකදී, ඕනෑම ඉරියව්වකදී, ඕනෑම ක්‍රියාකාරකමක් කරමින් සිටියදී තමන් තුළ අලුතෙන් වර්තමාන මොහොතක උපදින අනුසය ප්‍රහාණය කොට වෙන් කොට අත්හැරීමට මේ අනුස්සති භාවිතා කළ හැකිය. භාවිතා කළ යුතුය. මේ තරම් ප්‍රායෝගිකව ඕනෑම අවස්ථාවකට සාධාරණ භාවනා ක්‍රමයක් බුද්ධාගමේ හෝ වෙනත් ආගමක නැත්තේමය.


මේ චතුරාරක්ඛා හෙවත් පෙරකී සතර අනුස්සති භාවිතයට ගතයුතු අවස්ථාව සහ භාවිතයට ගතයුතු ආකාරය පිළිබඳව නිවැරදිව තේරුම් ගෙන දිගින් දිගටම භාවිතයට ගන්නා, බහූලීකරණය කරනා යෝගාවචරයෙකු තුළ,    අනෙකුත් අනුස්සති හයටම අදාළ වූ සියලු ධම්මතාවයන්  සතර අනුස්සති භාවිතයෙන් පමණක්ම  පූරණය වී ඉන්ද්‍රිය සංවරයක් ඇතිවන්නේය.  ඉන්ද්‍රිය සංවරය පූරණය වන යෝගාවචරයා තුළ තීනී සුචරිතය පූරණයවී, සතර සතිපට්ඨයමත් පූරණය වී සත්ත බොජ්ඣංගධම්මත් පූරණය වීමෙන්  උතුම් විජ්ජා විමුත්තිය පූරණය වන බව බුද්ධ දේසනාවයි. 


මීරිගම පරම නිබ්බාන ධම්මායතනයෙන් සහ බෙලිහුල්ඔය ධම්මායතනයෙන් මේ අනුස්සති භාවනාව පිළිබඳව මුළ මැද අග පිරිසිදු ලෙසින්ම අසා දැනගන්නට සංසාර දුකින් සදහටම සහමුළින්ම මිදී නිදහස්වීමට කැමති  සෑම හෙළ වැසියෙකුටම මේවන විට  අවස්ථාව උදාවීඇත.


භාවනා වැඩසටහන් කාලසටහන

Copyright © 2025 Belihuloya Dhammayathanaya - All Rights Reserved.

BELIHULOYA DHAMMAYATHANAYA (GUARANTEE) LIMITED.

This website uses cookies.

We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.

Accept